Friday, November 13, 2015

Linux වල mobile partner install කරමු.



ඉතින් ගොඩක් කාලෙකින් මුකුත් ලියන්නත් බැරි උනා...ඒ කටත් හරියන්න ගොඩාක් අයට
( Linux භාවිතා කරන ) තියෙන ප්‍රශ්නයකට උත්තරයක් දෙන්න තමයි හදන්නේ

ප්‍රශ්නෙ තමයි ඔයාල ඩොන්ගල් එකක් පාවිච්චි කරල Internet යනවනම් කොහොමද Mobile
Partner Linux වලදි Install කරල භාවිතා කරන්නෙ කොහොමද කියල.

එහෙනම් අපි වැඩ පටන් ගමු.... ;) 
ඔයාලට Windos වලදි නම් Mobile Partner install කරන එක ලොකු දෙයක් නෙමෙයි... 
 එහෙනම් අපි බලමු Linux වලදි කොහොමද Mobile Partner භාවිතා කරන්නේ කියලා.

ක්‍රමය 1:
මුලින්ම මෙන්න මේ File එක Download කර ගන්න.
මම වැඩේ ලේසි වෙන්න huawei081126.sh File එක Desktop එකට copy කරනවා.
දැන් Terminal එක openකරගන්න.(ctrl + alt + T)
cd Desktop command එකෙන් Desktop එකට directory එක change කරගන්න.
ඊළගට sudo chmod +x huawei081126.sh command එකෙන් file එක executable state එකට ගන්න.
දැන් bash huawei081126.sh command එකෙන් Mobile Partner install කරගන්න.

ක්‍රමය 2:
මේ වැඩේට අපිට ඕන කරනවා safaricomBroadBand setup එක.මේ Link එකෙන් ගිහින් setup එක Download කරගන්න.

දැන් පහල තියෙන commands execute කරන්න.
කලින් වගේම මම වැඩේ ලේසි වෙන්න file එක Desktop එකට copy කරනවා.
  1. cd Desktop/
  2. sudo tar -xvf MobilePartner.tar.gz
  3. cd MobilePartner/
  4. sudo bash install
දැන් Terminal එකෙන් Autoම එක safaricom BroadBand Install කරල දෙයි.

එහෙනම් තවත් බ්ලොග් සටහනකින් හමු වෙමු... :)

Tuesday, August 4, 2015

UBUNTU වලින් ලේසියෙන්ම bootable pen drive එකක් හදමු.



ගොඩක් දවසකින් තමයි blog post එකක් ලියන්න වෙලාවක් ලැබුනේ.ඉතින් අද කියන්න යන්නේ bootable pen drive එකක් UBUNTU යොදා ගෙන හදා ගන්නෙ කියලා
මේ සඳහා WINDOWS වලදී නම් pendrivelinux කියන software එක යොදා ගන්න පුලුවන්. මේ වැඩේට අඩුම 4GB වත් තියෙන pen drive එකක් ඕන වෙනවා. Boot කරන්න ඕන OS එකේ .iso File එකත් ඕන හොයා ගන්න.

මේ තියෙන්න links වලින්‌ download කර ගන්නත් පුලුවන්.
Kali Linux      :  https://www.kali.org/downloads/


අපි බලමු UBUNTU වලින් කොහොමද මේ වැඩේ කරගන්නේ කියලා...
මේ සඳහා මුලින්ම Startup Disk Creator කියන program එක load කර ගන්න. එ් සඳහා windows key එක press කරලා startup disk creator කියලා search කරන්න.

 ඔයාලට මේ වගේ interface එකක් ලැබේවි. 


මේ window එකේ Disk to use කියන table එකේ දැනට සම්බන්ද කරලා තියෙන Devices 
පෙන්නනවා.දැනට මගේ පරිඝණකයට සම්බන්ධ කරලා තියෙන්නේ Kingston DT 101 II කියන  device එක විතරයි. Bootable කරගන්න ඕන device එක select කරලා "Erase Disk” click කරන්න.(format කිරීමට)
ඊලඟට “Source disc image (.iso) or CD “ කියන option එක යටතේ තියෙන other... කියන
button එක click කරන්න.


දැන් මේ වගේ window ඔයාලට ලැබෙයි.
 
  

මෙතනින් ඔයාලට boot කරන්න ඕන iso file එක හොයා ගෙන open click කරන්න.
දැන් Make Startup Disk කියන interface එක මේ වගේ පෙනෙයි.

Make Startup Disk window එකේ පහලින්ම තියෙන “Make Startup Disk” click කරලා bootable pen drive එක හදා ගන්න. මේ process එක complete උනාම ඔයාගෙ bootable pen drive එක හැදිල ඉවරයි.
  

එහෙනම් තවත් මේ වගේ post එකකින් හමු වෙමු....

Saturday, May 30, 2015

GIT එක්ක වැඩ කරමු... (Only For Windows Users)


GIT කියන්නේ software version control system එකක්. ඉතින් ඔයාල software එකක් develop කරගෙන යද්දී git ඕනේ වෙන්න පුළුවන්...මේකට ඔයාගේ code එක upload කරලා යාලුවොත් එක්ක එකතු වෙලා code කරන්න පුලවන් පහසුකම ලබා දිල තියෙනවා. 

                වැඩි විස්තර : http://en.wikipedia.org/wiki/GitHub
                Site: www.github,com

මෙන්න මේ URL එකෙන් site එකට log වෙන්න. ඔයාට github account එකක් නැත්නම් මෙන්න මේ විදියට account එකක් හදා ගන්න.

Sign-up page
GitHub main page එකේ තියෙන “Sign Up” button click කරන්න. දැන් ඔයාට මේ වගේ එකක් load වේවි. මේ තියෙන සරල form එක පුරවලා new GitHub account එකක් හදා ගන්න.

Join GitHub

ඔයාලගේ account එකට log උනාට පස්සේ මේ වගේ home page එකක් තමයි දකින්න ලැබෙන්නේ. home page එකේ තියෙන “Contributions” tab එකෙන් දැනට ඔයා contribute වෙලා තියෙන repositories මොනවද කියල පෙන්නනවා. “Repositories” කියන tab එකෙන් ඔයාගේ repositories ඔක්කොම පෙන්නනවා. ඒ වගේම “Public activity කියන tab එකෙන් ඔයා කරලා තියෙන හැම activity එකක්ම පෙන්නනවා.
Home page


මේ වැඩේට තව පොඩි software එකක් ඕන කරනවා. ඒ තමයි msysgit. මේ link එකෙන් ඒක බා ගන්න.
                                                        Download
දැන් msysgit install කරල ඉතුරු වැඩ ටික කරගෙන යමු.

Create New
අපි දැන් බලමු කොහොමද Repository එකක් හදලා ඒකට Project files add කරන්නෙ කියලා. ඒකට පෙන්නලා තියෙන “create new” button එක click කරලා “New Repository” කියන tab එකට යන්න.

Create New Repository - 1


ඊළඟට ලැබෙන්නේ මෙන්න මේ වගේ page එකක්.

Create New Repository - 2



 කට ඔයා හදන්න යන Repository එකේ නම type කරන්න.  ඊලඟට ඔයාගේ git Repository එක publicprivate ද කියල select කරලා “Create Repository” button එක click කරන්න. ආ.. තව Repository එකේ description එකක් ලබා දෙනවා වගේම Repository එකට README file ඒකත් initialize කරන්න පුළුවන්.






මෙන්න මේ page එකට ආවා කියන්නේ Repository එක හැදිලා ඉවරයි කියන එකයි. දැන් තියෙන්නේ මේ Repository එකට files add කරන එක. රතු පාටින් පෙන්නලා තියෙන URL එක ඉතාම වැදගත් වෙනවා ඉස්සරහදි.
Repository created
දැන් site එකේ වැඩ ඉවරයි. දැන් එන්න ඔයාට add කරන්න ඕන folder එකට.
ඔයාට GitHub Repository එකට add කරන්න ඕන folder එක උඩ right click කරලා “Git Bash” click කරන්න. 
Right Click Menu
එතකොට Bash window එක open වෙයි.
GIT bash

ඊළඟට පහත commands type කරලා git Repository එකට files add කරන්න.
  1. git init
  2. add .
  3. git status
  4. git commit -m 'first commit'
  5. git remote add origin https://github.com/Lasith-Niro/Test_Repository.git

පස්වැනි  command එකේ තියෙන link එක තමයි මම මුලින් ඉතා වැදගත් කියල කිව්ව URL එක.
දැන් බලන්න folder එකේ තියෙන files ඔයාගේ GitHub repository එකට upload වෙලා ඇති.

Files Uploaded




Tuesday, February 3, 2015

Windows 7 වල hidden themes භවිතා කරමු...

මම මේ කියන්න යන දේ windows 7 ultimate වල නම් සුපිරියට වැඩ.එත් home premium සහ Professional වගේ ඒවායේ වැඩද දන්නේ නෑ.try කරලා බලන්න.
එහෙනම් වැඩේ පටන් ගනිමු.මුලින්ම යන්න ඔයාගේ windows partition එකට.මෙන්න path එක.
>C:\Windows





දැන් search bar එකේ winsxs කියල search කරන්න.result වල තියෙන winsxs කියන folder එක open කරන්න.



 දැන් ආයෙත් search bar එකේ *.theme කියල type කරන්න.  ඔන්න දැන් මෙච්චරකල් ඔයාගේ PC එකේ හැංගිලා තිබුණු themes පෙනෙයි.


අලුත් theme ටික double click කරලා save කරලා තියාගන්න.

SQL Joins

SQL Joins තේරෙන සිංහලෙන්.  අපි මෙහිදී කරන්නේ Database tables දෙකක හෝ කිහිපයක Data rows combine ( සම්බන්ධ ) කරන එකයි . ඒ කියන...