Youtube video playlist සම්පූර්ණයෙන්ම download කරමු.(only for LINUX users)
ගොඩක් කාලෙකින් blog එකට අලුත් post එකක් ලියන්න හිතුනා. ඉගෙන ගන්න අයට වගේම කාට උනත් youtube කියන්නේ මේ දවස් වල නැතිවම බැරි දෙයක්. දන්නේ නැති දෙයක් බලන්න, සින්දුවක් අහන්න, ඉගෙන ගන්න අයට නම් video tutorials බලන්න, සහ තවත් ගොඩක් දේවල් වලට youtube උදව් කර ගන්න පුලුවන්.
අද මම කියන්න යන්නේ මේ හැමොටම ගොඩක් වැදගත් දෙයක් ගැන.ඒ තමයි කොහොමද youtube playlist එකක්ම download කරන්නේ කියලා.
එහෙනම්
අපි වැඩ පටන් ගනිමු..
මේ
වැඩේට අනිවර්යයෙන් Ubuntu
හෝ
වෙන open
source operating systemඑකක්
ඕන.මේ
සඳහා youtube-dl
කියන
command
line tool එක
තමයි භාවිතා කරන්නේ.
මුලින්ම
බලමු කොහොමද youtube-dl
install කරන්නේ
කියලා.
ක්‍රමය
1:
$> sudo wget https://yt-dl.org/downloads/latest/youtube-dl -O /usr/local/bin/youtube-dl
$> sudo chmod a+rx /usr/local/bin/youtube-dl
ක්‍රමය 2:
$> sudo curl https://yt-dl.org/latest/youtube-dl -o /usr/local/bin/youtube-dl
$> sudo chmod a+rx /usr/local/bin/youtube-dl
ක්‍රමය 3: $> sudo pip install youtube-dl
$> sudo pip install --upgrade youtube-dl මේ ක්‍රමය සදහා python pip install කර තිබිය යුතුය.
හරි දැන් terminal එක අරගෙන මේ command එක run කරන්න.
$> youtube-dl --version
version එක විදියට 2016 දිනයක් ලැබෙනවා නම් වැඩේ හරි. එහෙම නැත්නම් මේ command එක run කරන්න.
$> sudo youtube-dl -U
දැන් නම් අලුත්ම update එක install වෙයි. හරි දැන් ඕන කරන හැම දෙයක්ම හරි. එහෙනම් download කරන්න පටන් ගමු.
පියවර 1: youtube playlist එක open කරගන්න.
උදාහරණයක් විදියට මේ playlist එක downlaod කරන්න ඕන කියල හිතමු. https://www.youtube.com/playlist?list=PL6gx4Cwl9DGBsvRxJJOzG4r4k_zLKrnxl
පියවර 2: Terminal එක open කරන්න(ctrl+alt+t). දැන් මේ command එක run කරන්න.
$> youtube-dl -citw <url>
මෙතන url කියන තැන ඔයාට download කරන්න ඕන playlist එකේ url එක copy කරල paste කරන්න.
උදාහරණ: $> youtube-dl -citw https://www.youtube.com/playlist?list=PL6gx4Cwl9DGBsvRxJJOzG4r4k_zLKrnxl
citw කියන options set එක අමතක කරන්න එපා..
තව එකක්... youtube-dl වලින් video විතරක් නෙමේ mp3, jpeg වගේ ඕනම format එකක දේවල් download කරන්න පුලුවන්..
උදාහරණ:$> youtube-dl--extract-audio --audio-format mp3 <video URL>මෙතන<Video URL>කියන තැනටdownloadකරන්න ඕනmp3එකේvideo linkඑක දෙන්න.
tryකරල ප්‍රශ්න අවොත්commentකරන්න.වැඩිදුර තොරතුරු: http://rg3.github.io/youtube-dl/
එහෙනම් තවත්tutorialඑකකින් හමුවෙමු...




Good article. But Youtube-dl works on windows as well.
ReplyDeleteI did not know about it. Thanks :)
DeleteFor windows users....
ReplyDeletehttps://www.youtube.com/watch?v=DW5jfjN-5RI