Friday, October 24, 2014

සොෆ්ට්වෙයා නැතිව ෆෝල්ඩර් හංගමුද...(Hide folders without software.)

මේ කියල දෙන්න යන්නේ තවත් සුපිරි trick එකක්.මොකද අපේ සමහර පෞද්ගලික දේවල් පිට අයට නොපෙනෙන්න තියන්න වෙන වෙලාවල් අපි හැමෝටම එනවනේ.ඒ වගේ වෙලාවට use කරන්න පුළුවන් ක්‍රමයක් තමයි මේක.හැබැයි කිසිම software install කිරීමක් අවශ්‍ය නෑ.සාමාන්‍යයෙන් folder එකක් hidden කර ගන්න ඕන උනාම අපි එක එක software දාල බලනව.සමහර ඒවා නම් වැඩ.නමුත් සමහර ඒවා වැඩ කරන්නේ නෑ.ඉතින් දැන් මම කියන්න යන්නේ command prompt එක භාවිතා කරලා ඉතාම පහසුවෙන් folder එකක් hidden කර ගන්න විදිය.

මුලින්ම command prompt එක load කර ගන්න.ඒ සදහා windows key එකයි R press (windows key + R) කරලා එන window එකේ cmd කියල type කරල enter කරන්න.



දැන් තියෙන්නේ ඉතින් අවසාන වැඩ ටික.ඔයාට හන්ගන්න ඕනේ folder එකේ path එක copy කර ගන්න.ඒකත් ලේසියෙන්ම කර ගන්න පුලුවන් නේ.ඊට පස්සේ command prompt එකේ මෙහෙම type කරන්න attrib +s +h.දැන් copy කර ගත්ත path එකත් space එකක් තියලා paste කරන්න.


▐ උදාහරණයක් කියන්නම් වැඩේ සිරාවටම තේරෙන්න.▐▐





මට ඕනේ local disk D එකේ තියෙන passwords කියන folder එක hidden කරන්න.Folder එකේ path එක D:\passwords . දැන් command prompt එක අරගෙන attrib +s +h D:\passwords Type කරලා enter කරන්න.


දැන් බලන්න folder එක තියෙද කියල....
වැඩේ හරි නේද.........!!!
හැංගුවා වගේ නෙවෙයි.ඒක ආයේ අවශ්‍ය වෙලාවට ගන්නත් ඕනේ නේ.ඒක කරන්නේ මෙහෙමයි.
Command prompt එකේ attrib –s –h කියල type කරලා path එක paste කරන්න.

මම hidden කරපු passwords folder එක unhide කරන හැටි බලමු.




වැඩේ හරි නේද?
ඔයාගෙ  folder එකේ space (ex: new folder, films 001) එහෙම තිබුනොත් වැඩේ පොඩ්ඩක් අවුල් වෙනවා.
ඒ වගේ වෙලාවට space එක වෙනුවට underscore එක භාවිතා කරන්න.(ex: new_folder,films_001).
කියන්න අමතක උනා.මේ විදියට folder විතරක් නෙවෙයි,files උනත් hidden කරන්න පුළුවන්.try කරලා බලන්න...
එහෙනම් තවත් මේ වගේ trick  එකකින් හමු වෙමු...



No comments:

Post a Comment

SQL Joins

SQL Joins තේරෙන සිංහලෙන්.  අපි මෙහිදී කරන්නේ Database tables දෙකක හෝ කිහිපයක Data rows combine ( සම්බන්ධ ) කරන එකයි . ඒ කියන...